Thursday, November 19, 2015

කලා ඉතිහාසය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

කලාව ඵෙතිහාසිකව මූර්ති, ගුහා චිත‍්‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිවගියද ඒවා නිර්මාණය කළ සංස්කෘතීන් පිලිබඳ දන්නා තොරතුරු අවමවීම හේතුකොටගෙන ඒවායේ කලාත්මකභාවය පිලිබඳ නිශ්චිත අර්ථකථනයක් දීම අසීරු කරුණකි. දකුණු අපි‍්‍රකාවේ ගුහාවකින් සොයා ගන්නා ලද වසර 75000 ක් පමණ පැරණි ඉතා කුඩා ගොලූබෙලි කටු සමූහය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම කලාත්මක නිර්මාණයන් ලෙස සැලකේ. ශ්‍රේෂ්ඨ කලා සම්ප‍්‍රදායන් ඊජිප්තුව, මෙසපොටේමියාව, පර්සියාව, ඉන්දියාව, චීනය, ගී‍්‍රසිය, අරාබිය (පැරණි යේමනය හා ඕමානය) වැනි අතීත ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ආශ‍්‍රිතව බිහිව ඇත. 

No comments:

Post a Comment