Friday, June 30, 2023

ශ්‍රී ලංකාවේ නොමැකෙන ජිවන චරිත

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

💥 ශ්‍රී ලංකාවේ නොමැකෙන ජිවන චරිත (සිනමාව)

👉 ලෙස්ටර් ජේම්ස් පීරිස්

👉 සුමිත්‍රා පීරිස්

👉 ඩී බී නිහාල්සිංහ

👉 ටයිටස් තොටවත්ත

👉 ගාමිණී ෆොන්සේකා

👉 ධර්මසේන පතිරාජ

👉 වසන්ත ඔබේසේකර

👉 ධර්මසිරි බණ්ඩාරනායක

👉 තිස්ස අබේසේකර

👉 ජෝ අබේවික්‍රම

👉 ටෝනි රණසිංහ

👉 ටී. බී. ඉලංගරත්න

💥 සිනමාව

💥 ශ්‍රී ලාංකික ජනයා

💥 ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරු

💥 ශ්‍රී ලාංකික සංගීතඥයෝ

💥 සිංහල සංගීතඥයෝ

💥 ශ්‍රී ලංකාවේ ගත් කතුවරු

💥 ශ්‍රී ලාංකික නවකතාකරුවෝ

💥 ශ්‍රී ලාංකික ගායකයෝ

💥 ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයෝ

💥 ශ්‍රී ලාංකික දේශපානඥයෝ

💥 ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ

💥 ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෝ

💥 ශ්‍රී ලාංකිකයන් පිළිබඳ අංකුර ලිපි

💥 ශ්‍රී ලාංකිකයෝ - ජාතිය අනුව

💥 ශ්‍රී ලංකික කවියෝ

💥 ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයෝ

💥 උපන් අවුරුද්ද අනුව

💥 මරණය සිදුවූ අවුරුද්ද අනුව

💥 සිනමාවේ හාස්‍ය නළුවෝ

💥 උද්‍යාන ශිල්පීන්

💥 1927 උපත්

💥 2011 මරණ

💥 ලාංකික නළුවෝ

💥 ලාංකික ජිවන චර්ත (විවිධ) 01

💥 ලාංකික ජීවන චරිත (විවිධ) 02

💥 ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්


ශ්‍රී ලංකාවේ සිනමාව

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ සිනමාව

පළමුවන අවුරුදු නවය තුළ චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිෂ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාරවලින් පිටත දී නිෂ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළ ද, චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපටවලින් යම්කිසි උත්සාහයක් දැරුව ද, 60 දශකයේ මුල් භාගයේ දී දකුණු ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිෂ්පාදනය විය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ.ක්‍රි.ව.1505දී ලංකාව පෘතුගීසීන් විසින්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන් විසින්ද ආක්‍රමණය කරන ලදී. ප්‍රථමයෙන්ම පෘතුගීසි ජාතිකයන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන ලද අතර පෘතුගිසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ.1829දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ්‍රි ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරිම පිණිස අනුබල දෙන ලදී.මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා අබිං ගෙන්වීම කරන අතරතුරදීම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමය.

Tuesday, June 27, 2023

ශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ග

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ග

වනජීවීන් සුරැකීම පිලිබඳව ප්‍රෞඩ ඉතිහාසයක් ලංකාවට ඇත. වසර 2200කට පෙර ලොව පලමු අභය භූමිය දේවානම්පිය තිස්ස  රජු විසින් මිහින්තලේ ප්‍රදේශයේ ස්ථාපනය කරන ලදී.එමෙන්ම මහා වංශයට අනුව දොලොස්වන සියවසේ රජකල නිස්සංකමල්ල රජු අනුරාධපුර නගරයේ සිට යොදන් 7කින් ආවරණය වන භූමි ප්‍රදේශයේ සතුන් මැරීම තහනම් කරමින් රාජාඥාවක් නිකුත්කල බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විදුලිබලය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලය යනු 1969 අංක 17 දරන පාර්ලි‍මේන්තු පනතින් ස්ථාපනය කරන ලද රාජ්‍යය ආයතනයකි. විදුලි බලය ජනනය කිරීම; සම්ප්‍රේශණය කිරීම සහ බෙදා හැරීම සඳහා ඒකාධිකාරී බලයක් (බොහෝ දුරට)ලැබී ඇති මෙම ආයතනය දිවයින(ශ්‍රී ලංකාව) පුරා විහිදී පවතින විශාලතම රාජ්‍ය අයතනවලින් එකකි. මේ වන විට සේවකයින් 25000 ක් පමණ මෙහි සේවය කරනු ලබයි

ශ්‍රී ලංකාවේ මහ බැංකුව

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය පිළිබඳව සලකා බලන විට ශ්‍රී ලංකා මහ බැංකුව ‍වි‍ශේෂ ස්ථානයක් හොබවයි. මුලික වශයෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අගය සුරක්ෂිත කිරිම, බැංකු, මුල්‍ය ක්‍රමය හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ වගකීම් අතර වේ. 1949 අන්ක 59 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වන දින ඇමරිකානු ජාතික johne exter මහතා විසින් ශී ලංකා මහ බැංකුව පිහිටවන ලදි. කාලීනව වන ආර්ථික වෙනස්කම් හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මහ බැංකුව ක්‍රියාත්මක වීම තුළ දක්නට ලැබේ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තයතේ අපනයනය, ඇගලුම් කර්මන්තයවී නිශ්පාදනය, සහ අනෙකුත් කෘෂි නිශ්පාදනයි. ඉහත සඳහන් අංශ වලට අමතරව විදේශ රැකිය නියුක්තිකයන් මගින් විදේශ විනිමය සදහා ඉහල දායකත්වයක් ලැබෙයි. එහිදී ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල රැකියා නියුක්තිකයන් සදහන් කල හැක.
1948 පෙබරවරි 04 වන දිනබ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව උදාවූ කාලවකවානු වල ඇතිවූ සුනාමි ව්‍යසනය වැනි ස්වාභාවික ආපදා, විටින් විට රට අභ්‍යන්තරයෙ අතිවූ කැරළි කෝළාහල සහ 1989 සිට 2009 වනතුරු පැවති යුධමය තත්වය හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විශල බලපැමක් සිදුවුනි. නිවැරදි ආර්ථික සැලස්මක් හෝ ජාතික ප්‍රතිපත්තියක් අනුගමයන කිරීමට 1948 පසු බලයට පත් වූ දේශපලන පක්ෂ අසමත් විය. 

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්‍වය රැකගැනීම

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ලොව ජෛව විවිධත්වය සම්බන්ධ ප්‍රදේශ 18 න් 1ක් වශයෙන් සලකන්නේ වනාන්තරයි. ධරනීය සංවර්ධන උපාය මාර්ගත රියෝ සමුළුවේදී සම්මත කරන ලද 21 වන න්‍යාය පත්‍රයෙහි11.12(ආ) පරිච්ඡේදය වනහරනයට එරෙහිව වනාන්තර සංරක්‍ෂණයකර කළමනාකරනයට යටත්ව රටවල් ධරනීය සංවර්ධනය කරා යොමු කරන ජාතික වැඩසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පොළඹවන්නකි. එය ගුරුකරගනිමින් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සංරක්‍ෂණය කර කළමණාකරනය කර තිරසාර සංවර්ධනයක් සඳහා මෙහෙයවීමට 1995 දී ප්‍රථම වරට ජාතික වන‍ෂෙත්‍ර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සඳහා ප්‍රධාන නගර සහ ප්‍රදේශ දක්වා දිවෙන ශක්තිමත් නගරාන්තර දුම්රිය මාර්ග පද්ධතියක් තිබේ. බ්‍රිතාන්‍ය යුගයේ සිලෝන් ගවන්මන්ට් රේල්වේ ලෙස හඳුන්වා ඇති දැන් රජයට අයත් ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රධාන සහ ප්‍රාථමික දුම්රිය සමාගම ලෙස කටයුතු කරයි. 1864 දි කොළඹ සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 54ක් දක්වා ඉදිකර ප්‍රථම දුම්රිය ධාවනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ගමනාගමනය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ ගමනාගමනය

ශ්‍රී ලංකාවේ ගමනාගමනය ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ මූලිකව කේන්ද්‍ර කරගත් මාර්ග ජාලයකින් සමන්විතවේ. එමෙන්ම දුම්රිය මාර්ග ජාලයකින්ද සමන්විත එය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ යටත්වැසි නීතියට අනුගත වූ හෙයින් එය වර්තමානයේ රටේ සමස්ත ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සපුරන්නේ සුළු ප්‍රමාණයකි. තවද යාත්‍රාකල හැකි ජලමාර්ග , වරායන් හා කොළඹට සැතපුම් 22ක් උතුරින් කටුනායක හා හම්බන්තොට ස්ථාපනය කර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් දෙකකින්ද එය සමන්විත වේ. ශ්‍රී ලංකාව පුරා දිවෙන ගුවන්මාර්ග හා මහාමාර්ග ඉතා උසස් තත්වයේ පවතින අතර ඒවා නිසිපරිදි වැඩිදියුණු කෙරෙමින් පවති.

ශ්‍රී ලංකාවේ නර්තනයන්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ නර්තනයන්

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය එහි ස්වදේශී ජනයා (වැදි ජනයා සහ යක්ෂ ගෝත්‍රික (යකඩ වැඩ වල නිරත වුවත්)) මත රදා පවතී. තෙල්මේ නර්තනයෙහි ඉතිහාස කථාව රාවණ රජු සමය තෙක් එනම් මීට අවුරුදු 5000 තරම් ඈතට දිවෙයි. සිංහල පුරාවෘත්තයන්ට අනුව මහනුවර උඩරට නර්තනකරුවන්ගේ සම්භවය අවුරුදු 2500 කට ඉහත දී විසූ රජවරයකුගේ ඉන්ද්‍රජාල චාරිත්‍රයක් තුළින් ගොඩ නගා ඇත.


ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

  • රටේ බොහෝ පිරිසක් ජීවත් වූයේ ගම්වල ය. ඒ ගම්වල වැසියන්ගේ ජීවිත වර්තමානයට සාපේක්ෂව ඉතා සරල ආකාරයට හැඩ ගැසී තිබිණි. බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වූයේ ගොවිතැන යි.ඇතැමුන් හේන් ගොවිතැන්වල යෙදුණ අතර සෙසු අය කුඹුරු ගොවිතැන්වල නිරත වූහ. ජීවත් වීම සදහා සතුන් ඇති කිරීම පැවතිණි. ඊට අමතරව නොයෙක් වෘත්තීන්වල යෙදුණු පිරිස් ඔවුන්ට ම වෙන් වූ ගම්වල ජීවත් වූහ.

ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70%ක ප්‍රතිශතයක් ග්‍රාමීය වන අතර නූතන ග්‍රාමිය අංශයේ ආර්ථික වැඩ කටයුතු අතරින් වැඩි බිම් සංඛ්‍යා ප්‍රතිශතයක් යෙදවී ඇත්තේ ද, සාපේක‍්ෂ වශයෙන් වැඩි ජන සංඛ්‍යා ප්‍රතිශතයක් නියැලී සිටින්නේ ද කෘෂිකාර්මික අංශයේ ය. ග්‍රාමීය ආර්ථිකයේ වැදගත් තැනක් හිමි වන්නේ යැපුම් කෘෂිකාර්මික අංශයටයි. යැපුම් කෘෂිකාර්මික කටයුතු අතර වී ගොවිතැනට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර ඊට අමතරව අතිරේක බෝග වගාව ප්‍රධාතැනක් උසුලයි. යැපුම් කෘෂිකර්මාන්තයේ දී වාරිමාර්ග මගින් ජලය සම්පාදනය කරන ප්‍රදේශවල වගා කරන ප්‍රධාන බෝගය වී වන අතර එසේ නොවන ප්‍රදේශවල අතිරේක බෝග වෙත යොමුවීම වැඩි වශයෙන් දැකගත හැක. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් කරගෙන යන ගොවීන්ට විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වී තිබේ. මේ සඳහා රජය මැදිහත් වී විවිධ විසඳුම් ගෙන ඒමට උත්සාහ කර ඇති ආකාරය ද දැක ගත හැකි වේ.

යැපුම් කෘෂිකර්මාන්තය යනු

වාර්ෂික වර්ෂාපතනය සෙ.මී. 50.8ට වඩා අඩු ප්‍රදේශවල ඇති සුළු ජල ප්‍රමාණය කාර්‍යක‍්ෂම ලෙස ප්‍රයෝජනයට ගනිමින් එදිනෙදා ජීවිතයේ ජීවත්වීම උදෙසා බෝග වගා කිරීමක් වශයෙන් හැඳින්විය හැක.


යැපුම් කෘෂිකර්මාන්තයේ ලක‍ෂණ ප්‍රධාන වශයෙන් අහස් දියෙන් කෘෂි කටයුතු කරන අතර මේ සඳහා වැඩි මුදලක් වැය කිරීමක් දක්නට නොලැබේ. මෙම ඉඩම් කුඩා ඒකකවලින් යුක්ත ය. යැපුමි කෘෂීකර්මාන්තයේ ප්‍රධාන බෝගය වන්නේ වී ගොවිතැන ය. අනෙකුත් බෝග වන්නේ ධාන්‍ය වර්ග, අල වර්ග, පළතුරු වර්ග, එළවළු වර්ග ආදිය යි. මෙම බෝග වගා කිරීමේදී එක භූමි ඒකකයක විවිධ බෝග වර්ග සංඛ්‍යාවක් වගා කිරීම බොහෝවිට දක්නට ලැබේ.

යැපුම් කෘෂිකර්මාන්තය ප්‍රධාන කොටස් දෙකකි.

  1. වී ගොවිතැන
  2. අනෙකුත් බෝග (අතිරේක බෝග)

ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර

ශ්‍රී ලංකා පහතරට වැසි වනාන්තර දිවයිනේ නිරිතදිග කොටසේ උන්නතාංශය මීටර් 1000 ක් (අඩි 3,281) පහල ශ්රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර නියෝජනය කරයි.මෙහි වසර පුරා උණුසුම්, තෙත් කාලගුණයක් පවතී.වසර දහස් ගණනක් සිට මහාභූමියක් වු ඉන්දියානු අර්ධද්වීපයෙන් හුදෙකලාව පිහිටීම හේතුවෙන් ශ්රී ලංකාවේ වැසි වනාන්තර තුළ පමණක් දැකිය හැකි බව බොහෝ ශාක සහ සත්ව විශේෂ පරිණාමය වී තිබේ. ඝන වනාන්තර උඩුවියන් සෑදි ඇත්තේ ගස් විශේෂ 150 කට වැඩි මීටර් 45 (අඩි 148) ක් තරම් ඉහළ කරා ළඟා වන ස්තර මගිනි.මෙම පහතරට වැසි වනාන්තරය ශ්රී ලංකාවේ මුළු භූමි ප්රමාණයෙන් සියයට 2.14 පමණ වේ . මෙම පරිසර කලාපය ලඳු කැලෑ වලට හා ශ්රී ලංකාවේ කුඩා ආවේණික ක්ෂීරපායින්ට නිවහනකි . ලොව පුරා සිටින උභය ජීවී විශේෂ වලින් වැඩිම ඝනත්වය ඇත්තේ ශ්රී ලංකාවේය. එයට ගස් ගෙම්බන් විශේෂ 250 ක් ඇතුලත් වන අතර ඔවුන් මෙම වැසි වනාන්තර තුළ ජීවත්වේ.

ශ්‍රී ලංකාවේ ජන නාටක

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

(අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.)

👉 ශ්‍රී ලංකාවේ ජන නාටක

අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලට ය .දේශීය රටට සමීප වූ නාට්‍ය කලාවක් බිහි කිරීමේ උත්සාහ වු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේ දි මෙම ජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි, ගම් මඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීමේ දි යොදා ගත්තේය.

මේ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,

ශ්‍රී ලංකාවේ වන විනාශය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ වන විනාශය

වන විනාශය  යනු  ශ්‍රී ලංකාව තුළ පවතින වඩාත් බරපතල පාරිසරික ගැටලු වලින් එකකි.වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ දකුණුදිග කඳුකර කලාපයේ පවතින ස්වාභාවික පරිසර ආරක්ෂාව නිසා එහි වනනාශනය, උතුරුදිග කඳුකර කලාපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක නැත.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන

ජාතික වනෝද්‍යාන යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු වන පංති වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. ජාතික වනෝද්‍යාන 1937 අංක 2 දරණ සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මඟින් පාලනය කරනු ලබන අතර, අමාත්‍යංශ නියෝගයෙන් එය සෑදිම, සංශෝධනය හෝ අහෝසි කිරීම කළ හැක. ජාතික වනෝද්‍යාන තුළ ඇති මුළු භූමිය රාජ්‍ය අයිතිය යටත් වේ. ජාතික වනෝද්‍යාන තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් වන්නේ වන සතුන් දඩයම් කිරීම හෝ මරා දැමීම හෝ ඉවත් කිරීම, කුරුල්ලන් සහ උරගයන්ගේ බිත්තර හෝ කූඩු විනාශ කිරීම, වනසතුන්ට බාධා කිරීම, කිසිම සතෙකු බෝ කිරීමට මැදිහත් වීම, කිසියම් ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම, වගා හෝ පතල් හෝ වෙනත් අරමුණු සඳහා ඉඩම් කට්ටි කිරීම, වෙඩි තැබීම හෝ ගිනි තැබීම, සත්ව හා ශාක ජීවිත වලට හානි කිරීම සඳහා කිසියම් උගුලක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ වස යෙදීම වේ. වෘක්ෂලතා හා සතුන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන වලට බලපත්‍රයක් ඇතුව අමුත්තන්ට පිවිසිය හැක. මේ වන විට දැනට ජාතික වනෝද්‍යාන 26 ක් වර්ග කිලෝමීටර 5,734 ක් ආවරණය කරයි.