අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ඉතා ඈත අතීතයේ පටන් සිංහල සංස්කෘතිය හඳුන්වන්නේ ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් මුල්කරගත් සංස්කෘතියක් ලෙසයි. සිංහල බෞද්ධයන්ගේ ආගමික සංකේත අතර මුල්ම තැනක් දාගැබ හිමිකරගන්නා බව මින් පැහැදිලිය. සිංහල බෞද්ධයන් ස්තූප වන්දනාව බෞද්ධ ආගම ඉතා ඇත අතීතයේ සිට ම කරගෙන ආ පූජා විධි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. සිංහල භාෂාවෙන් ස්තූපය විවිධ නම් වලින් හඳුන්වා දී ඇත. දාගැබ, තුඹ හෝතුබ, වෙහෙර, චෙත හා සෑය සිංහලෙන් ස්තූප හැඳින්වු නම් විය. පාලියෙන් ථුප, ඵලුක, චෙතිය, ධාතු හෝ ගබ යන නම් වලින් ස්තූප හඳුන්වා දී ඇත. ස්තූප යනු ගොඩනැගීම යන අරුත් අන්වර්ථ වන බව ඉන්දියානු සාහිත්‍යයට අනුව දැක්විය හැක. ස්තූප නැමඳීම තුළින් බෞද්ධයන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් ඉමහත් ආශ්වාදයක් ලබන බවද ඉන් ඔවුන් තුළ ඉමහත් භක්තියක් හටගන්නා බවද බොදු අප කාහටත් නොරහසකි. මෙහිදී අප ස්තූප නමඳින්නේ ජීවමාන බුදුන්වහන්සේ නමදින්නාක් මෙන් දැඩි භක්තියකිනි.
No comments:
Post a Comment