අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70%ක ප්‍රතිශතයක් ග්‍රාමීය වන අතර නූතන ග්‍රාමිය අංශයේ ආර්ථික වැඩ කටයුතු අතරින් වැඩි බිම් සංඛ්‍යා ප්‍රතිශතයක් යෙදවී ඇත්තේ ද, සාපේක්ෂ වශයෙන් වැඩි ජන සංඛ්‍යා ප්‍රතිශතයක් නියැලී සිටින්නේ ද කෘෂිකාර්මික අංශයේ ය. ග්‍රාමීය ආර්ථිකයේ වැදගත් තැනක් හිමි වන්නේ යැපුම් කෘෂිකාර්මික අංශයටයි. යැපුම් කෘෂිකාර්මික කටයුතු අතර වී ගොවිතැනට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර ඊට අමතරව අතිරේක බෝග වගාව ප්රධාතැනක් උසුලයි. යැපුම් කෘෂිකර්මාන්තයේ දී වාරිමාර්ග මගින් ජලය සම්පාදනය කරන ප්‍රදේශවල වගා කරන ප්‍රධාන බෝගය වී වන අතර එසේ නොවන ප්‍රදේශවල අතිරේක බෝග වෙත යොමුවීම වැඩි වශයෙන් දැකගත හැක. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් කරගෙන යන ගොවීන්ට විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වී තිබේ. මේ සඳහා රජය මැදිහත් වී විවිධ විසඳුම් ගෙන ඒමට උත්සාහ කර ඇති ආකාරය ද දැක ගත හැකි වේ.
යැපුම් කෘෂිකර්මාන්තය යනු
වාර්ෂික වර්ෂාපතනය සෙ.මී. 50.8ට වඩා අඩු ප්‍රදේශවල ඇති සුළු ජල ප්‍රමාණය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගනිමින් එදිනෙදා ජීවිතයේ ජීවත්වීම උදෙසා බෝග වගා කිරීමක් වශයෙන් හැඳින්විය හැක.
යැපුම් කෘෂිකර්මාන්තයේ ලකෂණ ප්‍රධාන වශයෙන් අහස් දියෙන් කෘෂි කටයුතු කරන අතර මේ සඳහා වැඩි මුදලක් වැය කිරීමක් දක්නට නොලැබේ. මෙම ඉඩම් කුඩා ඒකකවලින් යුක්ත ය. යැපුමි කෘෂීකර්මාන්තයේ ප්‍රධාන බෝගය වන්නේ වී ගොවිතැන ය. අනෙකුත් බෝග වන්නේ ධාන්‍ය වර්ග, අල වර්ග, පළතුරු වර්ග, එළවළු වර්ග ආදිය යි. මෙම බෝග වගා කිරීමේදී එක භූමි ඒකකයක විවිධ බෝග වර්ග සංඛ්‍යාවක් වගා කිරීම බොහෝවිට දක්නට ලැබේ.යැපුම් කෘෂිකර්මාන්තය ප්‍රධාන කොටස් දෙකකි.
- වී ගොවිතැන
- අනෙකුත් බෝග (අතිරේක බෝග)
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70%ක ප්‍රතිශතයක් ග්‍රාමීය වන අතර නූතන ග්‍රාමිය අංශයේ ආර්ථික වැඩ කටයුතු අතරින් වැඩි බිම් සංඛ්‍යා ප්‍රතිශතයක් යෙදවී ඇත්තේ ද, සාපේක්ෂ වශයෙන් වැඩි ජන සංඛ්‍යා ප්‍රතිශතයක් නියැලී සිටින්නේ ද කෘෂිකාර්මික අංශයේ ය. ග්‍රාමීය ආර්ථිකයේ වැදගත් තැනක් හිමි වන්නේ යැපුම් කෘෂිකාර්මික අංශයටයි. යැපුම් කෘෂිකාර්මික කටයුතු අතර වී ගොවිතැනට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර ඊට අමතරව අතිරේක බෝග වගාව ප්රධාතැනක් උසුලයි. යැපුම් කෘෂිකර්මාන්තයේ දී වාරිමාර්ග මගින් ජලය සම්පාදනය කරන ප්‍රදේශවල වගා කරන ප්‍රධාන බෝගය වී වන අතර එසේ නොවන ප්‍රදේශවල අතිරේක බෝග වෙත යොමුවීම වැඩි වශයෙන් දැකගත හැක. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් කරගෙන යන ගොවීන්ට විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වී තිබේ. මේ සඳහා රජය මැදිහත් වී විවිධ විසඳුම් ගෙන ඒමට උත්සාහ කර ඇති ආකාරය ද දැක ගත හැකි වේ.
යැපුම් කෘෂිකර්මාන්තය යනු
වාර්ෂික වර්ෂාපතනය සෙ.මී. 50.8ට වඩා අඩු ප්‍රදේශවල ඇති සුළු ජල ප්‍රමාණය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගනිමින් එදිනෙදා ජීවිතයේ ජීවත්වීම උදෙසා බෝග වගා කිරීමක් වශයෙන් හැඳින්විය හැක.
යැපුම් කෘෂිකර්මාන්තය ප්‍රධාන කොටස් දෙකකි.
- වී ගොවිතැන
- අනෙකුත් බෝග (අතිරේක බෝග)
No comments:
Post a Comment