Tuesday, June 27, 2023

ශ්‍රී ලංකාවේ වන විනාශය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ වන විනාශය

වන විනාශය  යනු  ශ්‍රී ලංකාව තුළ පවතින වඩාත් බරපතල පාරිසරික ගැටලු වලින් එකකි.වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ දකුණුදිග කඳුකර කලාපයේ පවතින ස්වාභාවික පරිසර ආරක්ෂාව නිසා එහි වනනාශනය, උතුරුදිග කඳුකර කලාපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක නැත.

No comments:

Post a Comment