Tuesday, June 27, 2023

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන

ජාතික වනෝද්‍යාන යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු වන පංති වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. ජාතික වනෝද්‍යාන 1937 අංක 2 දරණ සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මඟින් පාලනය කරනු ලබන අතර, අමාත්‍යංශ නියෝගයෙන් එය සෑදිම, සංශෝධනය හෝ අහෝසි කිරීම කළ හැක. ජාතික වනෝද්‍යාන තුළ ඇති මුළු භූමිය රාජ්‍ය අයිතිය යටත් වේ. ජාතික වනෝද්‍යාන තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් වන්නේ වන සතුන් දඩයම් කිරීම හෝ මරා දැමීම හෝ ඉවත් කිරීම, කුරුල්ලන් සහ උරගයන්ගේ බිත්තර හෝ කූඩු විනාශ කිරීම, වනසතුන්ට බාධා කිරීම, කිසිම සතෙකු බෝ කිරීමට මැදිහත් වීම, කිසියම් ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම, වගා හෝ පතල් හෝ වෙනත් අරමුණු සඳහා ඉඩම් කට්ටි කිරීම, වෙඩි තැබීම හෝ ගිනි තැබීම, සත්ව හා ශාක ජීවිත වලට හානි කිරීම සඳහා කිසියම් උගුලක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ වස යෙදීම වේ. වෘක්ෂලතා හා සතුන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන වලට බලපත්‍රයක් ඇතුව අමුත්තන්ට පිවිසිය හැක. මේ වන විට දැනට ජාතික වනෝද්‍යාන 26 ක් වර්ග කිලෝමීටර 5,734 ක් ආවරණය කරයි.

No comments:

Post a Comment