අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි ඇත. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,විවේකය,ඓතිහාසික, වටිනාකම ආදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී.
No comments:
Post a Comment